Monday, December 12, 2011

අ0කල්ගෙ කුඩේ..



පලවෙනි පෝස්ට් එකට පොඩි කාලෙ සිද්දියක් දාන්න හිතන් හිටියෙ. ඒත් ස්ටාෆ් එකේ අලුත් කෙල්ලෙක්ට මේ සිද්දිය රස කර කර කියපු නිසා පලවෙනි පෝස්ට් එක විදියට දාන්න හිතුන.

මේක මට ඔෆිස් එකේදි වෙච්ච දෙයක්. එදත් අද වගේමයි, මහ වැස්ස. හවස 6 විතර ජනෙල්ලෙන් එලිය බැලුවහම හිතුනෙ කොම්පන්න වීදියට උඩින් කලු වලාවක් පායල වගෙ. එච්චරට කලුවරයි.

6.15 විතර මමයි, අකවුන්ටන්ට් මහත්මයයි, අපේ ඩිරෙක්ටර් කෙනෙකුයි ( මේකත් කියන්නම එපායැ. අපේ ඔෆිස් එකේ මැනේජ්මන්ට් එකයි, අපී අතරෙ ලොකු දුරස්ත බවක් නෑ. ) එලියට බැස්සා ගෙදර යන්න. හොදටම වහිනව. ලොක්කත් ඒ දවස් වල කාර් එක විකුණල තිබුනෙ. බස් එකෙන්ම මිනිහත් කිරිබත්ගොඩට යන්න ඕන. මමත් කොටුවට ගිහින් ස්ලෝව් ට්‍රේන් එකක එල්ලෙන්න එපායැ..හුණුපිටියෙන් බැහැලැ වත්තලට වෙනකම් බස් එකේ යන්නත් ඕන.

කොහොමින් හරි, අපි කවුරු ගාවවත් කුඩයක් නෑ. අපේ ඔෆිස් එක තියෙන්නෙ බිල්ඩින් එකේ 3 වෙනි තට්ටුවෙ. පල්ලෙහාට එන කොට දැක්ක බිල්ඩින් ඕනර් ( අපි කවුරුත් කියන විදියට අන්කල් ) ගෙ කුඩේ තියෙනව පල්ලෙහා හේත්තු කරලා.


අන්කල් ඒ බිල්ඩින් එකේමයි පදි0චි වෙලා ඉන්නෙ. මේ රැ කුඩේ තියන් ඔය නාකි මනුස්සය කොහෙ යන්නද කියල අපි 3 දෙනා ගත්තෙ නැතෑ මිනිහගෙ කුඩේ අතට.

හැබැයි, කොහොමින් කොහොම හරි ඊළඟ දවසෙ කුඩේ ගේන එක බාර උනේ මට. ( මම කැමැත්තෙන්ම බාර ගත්ත ගෙදරට වෙනකන්ම කුඩෙන් යන්න පුලුවන් නිසා. )

අනිත් දෙන්නවත් බස් වලට දාල මමත් ඇවිත් නැග්ග 138 ටී. බී. ජයා මාවත ගාවින්. ( කොහෙන් ගියත් 138 අහු වෙනෝමයි. ) කොහොමින් හරි ගෙදරත් අවා. එතකොටයි හිතට බය කියන ඩේ ආවෙ, හෙට උදේට කොහොමද මේක ගෙනිහින් තියන්නෙ කියල මතක් වෙලා අන්කල්ගෙ උකුසු දෑසට හසු නොවී..



ගෙදර ගිහින් බැලින්නම් කුඩෙත් කැඩිල. ක්ලිප් එක වැටෙන්නෙ නෑ. පහුවෙනිද කොහොමින් හරි කුඩෙත් කෝච්චියේ දාගෙන ආවා ඟ0ඟාරාමෙ ගාවටම. ඔෆිස් එක පේන දුර. ඉතුරු ටික යන්න බයයි.

කෝල් කරල අනුර ( අකවුන්ටන්ට් ) ගෙන්න ගත්ත පල්ලෙහාට. මිනිහට කිවුව අන්කල් ඉන්නවද බලපන් කියල. මිනිහ බලල කිවුව අන්කල් නෑ ඉක්මනට වරෙන් කියල. දුවල ගිහින් කුඩේ තිබුනු තැන තියල හොද නොදරුවන් සේ ගියා ඔෆිස් එකට.

ටිකකින් නිකමට වගේ පහලට බැහැල් බලන කොට අන්කල් කුඩේ අරන් තියල. එදා සිට අද වෙන තුරු අන්කල්ගෙ කුඩේ නම් දකින්න හම්බුනේ නෑ...


අද ගෙදර යන්න ඉතින් අන්කල්ගෙ කුඩෙත් නෑ..


පලවෙනි පෝස්ට් එක වෙච්චි, පුලුවන් හැම දෙනාටම කමෙන්ට් එකක් දාල යන්න කියලා රික්වස්ට් කරනව..

2 comments:

  1. ahh maara kuda horek ne inna uncle ta kiynnam

    ReplyDelete
  2. හොරකම් කරන චේතනාවෙන් නෙමෙයි කරේ. ඒක නිසා ඒක හොරකමක් වෙන්නෙ නෑ

    ReplyDelete