Sunday, December 25, 2011

දකුනු කලුතර ඉඳන් අලුත්ගමට ටිකට් නැතුව කෝච්චියේ ආපු හැටි..





හැමෝටම සුබ නත්තලක් වේවා කියලම වැඩේ පටන් ගමු..

මම මේ කියන්න යන්නේ මට අන්තිමටම සිද්ද වෙච්ච සිදුවීම් වලින් එකක් ගැන.

සමනලය හිතගෙන හිටියෙ සෙනසුරාද, ඉරිද විතරක් නෙමෙයි, සඳුද, අඟහරුවාදත් අපේ ඔෆිස් එක නිවඩුයි කියලා. මම ගෙදරටත් එහෙම කියලා, සිකුරාද ඔෆිස් යනකොට දවස් 4 අඳින්න අඳුම් එහෙමත් අරන් ගියේ ෆුල් හැපි එකේ. ඒත් සතුට දෙගොඩ තලා ගිහින්, වටෙනුත් පැනලා මගේ හිතිනුත් ඈතට ගලාගෙන ගියේ හවස හම්බ වෙච්ච ආර0චියක් නිසා. නරක ආර0චිය තමයි අපිට සෙනසුරාද, ඉරිදා විතරයි නිවාඩු කියන එක. මදැයි දවස් 2 විතර දොයි කියන්න හිටියා. දුකේ බෑ.

මොනව කරන්නද..කමක් නෑ කියලා හිතත් හදාගත්ත. වෙනද මම ගෙදර එන කොට සමුඩ්රෙ එන්නෙ. එද ලෝන්ග් වීකෙන්ඩ් එකක් නිසා සමුඩ්රෙ සෙනග අති කියල හිතල ශෝර්ට් ලීව් එකකුත් දාල සාගරිකා නගින්න කොටුවට ආව.    



කෝච්චි වල යන අය දන්නව අති නේ සාගරිකා කොටුවෙන් 4.42. මම කොටුවට එනකොට හරියටම 4.40 වෙලාව. හැමදාම වගේ සාගරිකා විනදි 5 විතර පහු වෙලා එන නිසා මමත් එච්චර ගනන් ගත්තෙ නෑ.

දිග ටිකට් පෝලිමකුත් තිබුනා. මමත් ඉතින් පෝලිමේ අන්තිමෙන්ම හිට ගත්ත. එතකොටම වගේ ඈතින් අනවුන්ස්මන්ට් එකක් ඇහුනා, "අලුත්ගම බලා දාවනය වන සාගරික සීඝ්රගාමී දුම්රිය 5 වෙනි වේදිකාවට ළඟා වනවා ඇත. එම දුම්රිය නවත්වන්නේ රත්මලාන, පානදුර, දකුනු කලුතර සහ අලුත්ගම. ( මේ දවස් වල අලුත්ගම, ගාල්ල අතරෙ රේල් පාර හදන නිසා කෝච්චි යන්නේ අලුත්ගමට විතරයිනේ. නැත්නම් සාගරිකා මාතරටම යන කෝච්චියක්. )

එතකොට තමයි පෝලිමේ හිටපු හැමෝගෙම තදියම වැඩි උනේ. ( සමනලයත් ඇතුලුව.) අලුත්ගමට කොටුවෙ ඉඳන් ගාන රුපියල් 55. මම ඉතින් රුපියල් 100 දීල තව රුපියල් 5ත් එක්ක අලුත්ගමට ටිකට් එකක් ඉල්ලුව. මිනිහත් කලබලෙන් සල්ලි අර0, මට රුපියල් 50ක් ඉතුරු සල්ලි විදියට දුන්න ටිකට් එකත් එක්ක. ( මගේ පිටිපස්සෙත් දිග පෝලිමක් හිටියා සාගරිකා එකටම ටිකට් ගන්න. )



කලබලේ නිසා ටිකට් එක දිහා නොබලම මම ගිය ස්ටේශන් එක ඇතුලට. ඇතුලට ගිහින් බැලුවහමයි දැක්කෙ, හතිලව්වේ මේ යකා දීල තියෙන්නෙ දකුනු කලුතරට ටිකට් එකක්. මම අලුත්ගමටම යන්නත් ඕන. සී. ටී. බී. බස් වල පවා හොරෙන් ගිහින් තිබුනට ඉස්කෝලෙ යන කාලේ මම කෝච්චි වල ටිකට් නැතුව ගිහිල්ලම නෑ. යන්නත් බයයි, මොකද මම නොහිතපු වෙලාවල් වල ටික්කො පැනලා තියෙනවා මම ගියපු කෝච්චි වලට. දැන් ආයෙත් ටිකට් එකක් ගන්න යන්නත් බෑ, කෝච්චිය යනව. ඕන දෙයක් වෙච්ච දෙන් කියලා ගිහින් කෝච්චියට නැග්ගා.

දකුනු කලුතරට වෙනකම් බයක් නැතුව ආව. දකුනු කලුතරදි සීට් එකකුත් හම්බවුනා. මම හිතා ගත්ත ටික්කො පැන්නොත් මුකුත් නොවුන ගානට ටිකට් එක දීල, පස්සෙ ඇත්තම විස්තරේ කියනවා කියලා. කෝච්චියේ ඩහයට පහයි වඩේ ගේන මනුස්සයා පවා මම ඩැක්කෙ ටික්කෙක් වගේ.



හැබැයි, මම බයෙන් හිටියට ටික්කො පැන්නෙ නෑ. අලුත් ගමට වෙනකන්ම කරදරයක් නැතුව ආව. අලුත්ගමට ඇවිත් බැස්සහම තමයි ඇඟේ වතුර වෙලා තිබුනු ලේ ටික අයෙත් ලේ වුනේ. ( අලුත්ගම ස්ටේෂන් එකේ එලියට යනකොට ටිකට් ඉල්ලන්නෙ නෑ කියලා අත්දැකීමෙන්ම දන්න නිසා. )



එලියට ඇවිත් බැලුවා සී ටී බී බස් වල ඇඟිල්ලක් ගහන්න ඉඩ තිබුනේ නෑ. ඒක නිසා අලුත්ගම හෝල්ට් එකට ඇවිත් මාතර ලොරුයකට නැග්ගා. ( පොල් පටවලා වගේ සෙනඟ. ) ඒකෙ නම් ගාල්ලටම ටිකට් ගත්තා.

මේ සිද්දියෙන් සමනලය ඉඟන ගත්ත පාඩම තමයි, මීට පස්සෙ කෝච්චිය ගියත් ගත්ත හැටියම ටිකට් එක චෙක් කරල බලනව කියන එක.

මේ පෝස්ට් එක ඊයෙ දාන්න හිටියේ. දාන්න ලෑස්ති වෙනකොටම අම්ම අඬ ගැහුවා ශොපින් යන්න.